සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන

සම සුදු කර ගැනීම හෝ සම විරංජනය කරගැනීම යනු සමෙහි ඇති තද පැහැ තැන් සුදු කර ගැනීමේ අරමුණ කරගත් ආලේපන පටිපාටියකි. සාමාන්‍යයෙන් මෙය ශරීරයේ උපන් ලප සහ අඳුරු වී ඇති තැන් වැනි කැලැල් මකා ගැනීම සඳහා භාවිතා කරනු ලැබේ සමෙහි ඇති මෙලනින් (melanin) නිෂ්පාදනය අඩු කිරීම සාන්ද්‍රනය අඩු කිරීම මගින් සම සුදු කර ගැනීමේ පටිපාටිය සිදු කරනු ලැබේ. මෙලනින් යනු වර්ණකයක් වන අතර මේවා මගින් ශරීරයේ පාට ලබා දෙන අතර සම සූර්යයාගෙන් ආරක්ෂා කර ගැනීම කරනු ලැබේ හම සුදු කර ගැනීම සඳහා යොදාගනු ලබන ප්‍රධාන ක්‍රම පහත සඳහන් වේ

  • සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන
  • විකිරණ(laser) ප්‍රතිකාර

සම සුදුකර ගැනීමේ පටිපාටිය සඳහා උත්සාහ දැරීම ඔබ විසින් ගනු ලබන ඉතා බලවත් තීරණයකි. මේ සඳහා යන වියදම අධික විය හැකි අතර කාලය හා ප්‍රතිඵල සහතික කළ නොහැක මේ සඳහා ඔබ ඉදිරියට යාමට සිතන්නේ නම්, මෙය කර ගැනීමට උත්සාහ කිරීම සඳහා ඔබට ඇති හේතුව කලබල නොවී නැවත වරක් සිතා බලන්න. සම සුදුකර ගැනීමේ පටිපාටියේ ප්‍රතිඵල ලෙස ඉතා දරුණු අතුරු ආබාධ සහ සංකූලතා ඇති විය හැක සාමාන්‍යයෙන් සමේ ස්වරුපය අඳුරු පැහැයක් ඇති මිනිසුන්ට මෙහි නිශ්චිතවම අවදානමක් ඇත.

සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන

වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලබා ගන්නා සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන ; සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රභල ආලේපන වර්ග වෛද්‍යවරයෙකුගේ නිදේශය මත ඔබට ලබා ගත හැක. සාමාන්‍යයෙන් මේවායේ, පහත සඳහන් එක් බෙහෙත් වර්ගයක් හෝ බෙහෙත් වර්ග දෙකම හෝ අඩංගු වේ.

  • හයිඩ්‍රෝක්විනොන් (hydroquinone)
  • හයිඩ්‍රෝකොර්ටිසෝන් (hydrocortisone) වැනි කොර්ටිකොස්ටෙරොයිඩ්ස් (corticosteroids- steroid medicine)

වෛද්‍යවරයකුගේ නිර්දේශයෙන් තොරවද සම සුදු කර ගැනීමේ බෙහෙත් , ඔබට ලබා ගත හැක. සම සුදු කර ගැනීමේ විකල්ප බෙහෙත් වර්ග ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව ද අන්තර්ජාලය මඟින්, සාමාන්‍ය වෙළඳසැල් වලින් සහ ඔසුසැල් වලින් මිලදී ගත හැක. ඔබ ඕනෑම බෙහෙත් වර්ගයක් මෙසේ මිලදී ගැනීමට ප්‍රථම එම බෙහෙත් වල අන්තර්ගත වන දෑ පරික්ෂා කිරීමට වග බලා ගන්න. හයිඩ්‍රෝක්විනොන් (hydroquinone) කොර්ටිකෝස්ටෙරොයිඩ්ස් (corticosteroids) හෝ රසදිය අන්තර්ගතව ඇති බවට ලැයිස්තු ගත කර ඇත්නම් හෝ අන්තර්ගත ද්‍රව්‍ය ලැයිස්තුගත කර නොමැති නම් මේවා මිලදී ගැනීමෙන් වලකින්න. හයිඩ්‍රෝක්විනොන් (hydroquinone) කොර්ටිකෝස්ටෙරොයිඩ්ස් (corticosteroids) , හෝ රසදිය අන්තර්ගතව ඇති , වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගන්නා ආලේපන වර්ග වැරදියට පාවිච්චි කිරීමෙන් ද බරපතළ අතුරු ආබාධ ඇතිවිය හැක. ස්වභාවික අමු ද්‍රව්‍ය අඩංගු සම සුදු කිරීමේ බොහෝ ආලේපන වර්ග ද ඇත මේවා නීති වලට අනුකූලව සකසා ඇති අතර හානිකර විය නොහැකි වුවද මේවායේ ක්‍රියාකාරකම් පිළිබඳව සහතික විය නොහැක

සම සුදු කර ගැනීමේ ආලේපන වර්ග පාවිච්චි කරන්නේ කෙසේද?

  • සමෙහි ඳුරු වී ඇති ප්‍රදේශයෙහි පමණක් දිනකට එක් වරක් හෝ දෙවරක් අවම ප්‍රමාණයෙන් භාවිතා කරන්න
  • ඔබගේ ඇස්, මුඛය සහ නාසය හෝ සමයෙහි අඳුරු වී ඇති ස්ථානය අවට මෙම ආලේපන ආලේප කිරීමෙන් වලකින්න.
  • කොට්න්බඩ් (cotton bud) එකක් ආධාරයෙන් ආලේප කරන්න. නැත්නම් මෙම ආලේපන ,ආලේප කිරීමට පළමුව ඔබගේ අත්සෝදා ගන්න
  • ආලේප කළ පසු පැය කීපයක් ගත වන තුරු එම ප්‍රදේශ තවත් කෙනෙකුගේ සමෙහි ගෑවීමෙන් වළකින්න.

බොහෝ දෙනෙකුට මාස තුනක් හෝ හතරක් පමණ කාලයක් දිගටම මෙම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වනු ඇත මේ කාලයෙන් පසු වූ මෙම ප්‍රතිකාර නවත්වන ලෙසට හෝ කලාතුරකින් පමණක් භාවිතා කරන ලෙස ට ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

ඇති විය හැකි අතුරු ආබාධ. සම සුදු කරගැනීම සඳහා ඇති ආලේපන වර්ග වලින් ඇති විය හැකි අතුරු ආබාධ පහත සඳහන් වේ.

  • රත් පැහැ ගැන්වීම සහ ඉදිමීම. (සමෙහි‍ අසාමාන්ය උද්දීපනය සහ දැවිල්ල)
  • සමේ දැවිල්ල හෝ තරමක වේදනාකාරී සංවේදනයක් දැනීම
  • සමෙහි සිනිදු ගතියක් සහ කැසිල්ලක් ඇතිවීම

සිදුවිය හැකි වැරදි මොනවාද? හයිඩ්‍රෝක්විනොන් (hydroquinone), කොර්ටිකෝස්ටෙරොයිඩ්ස් ( corticosteroids) හෝ රසදිය අන්තර්ගත වී ඇති සම සුදු කර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන නිසා ඇතිවිය හැකි අවදානම:

  • සම තද පාට වීම හෝ පමනට වඩා සුදු වීම
  • සම තුනී වීම
  • සම තුළින් රුධිර නාල දෘශ්‍යමාන විම.
  • කැළැල් ඇතිවීම.
  • වකුගඩු, අක්මාව හෝ ස්නායු වලට හානි පැමිණව්ම.
  • අලුත උපන් දරුවන්ගේ අසාමාන්‍යතා (ගර්භනී කාලයේදී මෙම ආලේපන භාවිතා කලේ නම්)

ප්‍රශ්න ඇති නම් ඒ සඳහා කලයුතු දේ: ඔබ වෛද්‍ය නිර්දේශ මත ලබාගන්නා ලද සම සුදුකර ගැනීම සඳහා භාවිතා කරන ආලේපන භාවිතා කිරීම නිසා, ඔබට අතුරු ආබාධ හට ගත්තේ නම් ඔබගේ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබාගන්න. ඔබට භයානක තත්වයේ කුෂ්ඨයක් ඉදිමුමක් හෝ වේදනාව වැඩිවීමක් වැනි වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය දරුණු රෝග ලක්ෂණ ඇත්නම් ළඟම ඇති රෝහල වෙත යන්න.

මුල් ප්‍රභවය